ගසක් සිටුවන්න එයත් දානයක්
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට […]
“(තම දරුවන් හට) ලස්සන නමක් තැබීමත්, යහපත් විනයක් ඉගෙන්වීමත් දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.” (මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී) වත්මන් සමාජය ඉහත නබිවදනින් පළමු කොට ඉතා හොදින් හා විශිෂ්ඨ අයුරින් ඉටුකරයි. ගැටළු ඇත්තේ දෙවන කොටස වන ‘යහපත් විනය‘ සම්බන්ධවයි. මෙම කාරණයේ දී බහුතරයක් දෙමාපියන් හා වැඩිහිටියන් අසාර්ථක වී ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ අනුව […]
ඉවසීම නම් ගුණාංගය සෑම මනුෂ්‍යයෙකු තුලම අනිවාර්යයෙන් ප්‍රගුණ වියයුතු යහපත් ගුණාංගයකි. මනුෂ්‍යා තම දිවිය තුල විවිධ අවස්ථාවල මුහුණපාන කරදර, හිංසා, පීඩා ඇනුම් බැනුම්, හිරිහැර අපහස, උපහස… යනාදීය හමුවේ කෝප වී අඩදඹර හෝ කලකිරීමන්ට යොමු නොවී පාලනය කරගැනීමට මේ ‘ඉවසීම’ අත්‍යඅවශ්‍ය සාධකයකි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන මුස්ලීම් ජනයාට නම්, මේ ඉවසීම නම් විෂය කාලීන වශයෙන් […]
ශ්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]
ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල […]
නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. […]
අප රටේ තවත් ජාතිවාදී මෙහෙයුමක් ‘හලාල්’වලින් පටන්ගෙන කුරගල, මුස්ලීම් ව්‍යාපාර, ඉස්ලාමීය ඇදුම… යනාදී වශයෙන් ඉදිරියට දියත් වෙමින් ඇත. වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ ජනයා තුල මේවා ප්‍රබල ගැටළු ලෙස මතවාද ගොඩනඟමින් ජාතීන් අතර අසමඟියක් නිර්මාණය කරන්න මාතෘකා සොයන ජාතිවාදි පිරිසට තවත් මිත්‍යා මතවාදයක් හා පරිසරයක් නිර්මාණය වි ඇත. මේ සියළු ක්‍රියා කලාපයන් හමුවේ […]
ශ්‍රී ලාංකීය වේලාවට අනුව මීට සුළු වේලාවකට පෙර එනම් (2012/12/21 දින) සවස 4.41 ට ලෝකය පුරා මහත් ආදෝලනයක් ඇති කල මයාවරුන්ගේ දින දර්ශනය නිමා විය. (වැඩි විස්තර සදහා 2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය යන ලිපිය කියවන්න) මෑත කාලීනව මනුෂ්‍ය දිවිය උඩුයටිකුරු කරමින් කරලියට ආ මායාවරුන්ගේ දින දර්ශනය මෙලෙස නිමාව දකින්නේ මායා දින දර්ශනය […]