කාලීන සංවාද පුවත් විමසුම සියළු ලිපි

එකම විකල්පය ආදාහනය පමණද?

ශ්‍රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්‍රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලු‍දෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය.

කාලීන සංවාද සියළු ලිපි

එකම රටක් එක නීතියක් ?

මේ රට තුල ක්‍රියාත්මක ප්‍රධාන නීති පද්ධතියට අමතරව මේ රට තුල ජීවත් වන ඒ ඒ ජනවර්ගය ඔවුන්ගේ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් අනුව දශක කිහිපයක් මුළුල්ලේ මේ රට තුල පුද්ගලික නීති රාශියක් ද ක්‍රියාත්මක වන්නේ ඉහත සටන් පාඨයට අභියෝගයක් වන ලෙසයි.

කාන්තා කාලීන සංවාද සියළු ලිපි

නූතන විලාසිතා ලෝකය හමුවේ වල්මත් වූ අපේ උම්මාව

විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි.

කාලීන සංවාද බ්ලොග් විමසුම සියළු ලිපි

ඉස්ලාම් අවධාරණය කරන්නේ භුමිදානයද? ආදාහනයද?

පසුව ඔහුව මරණයට පත් කළේය. ඉන් පසුව ඔහුව මිනී වලට ඇතුල් කළේය. පසුව ඔහු (අභිමත කළ විට ඔහුව යලි නැගිටුවන්නේය”. (අල් කුර්ආන් 80:21-22

කාලීන සියළු ලිපි

කොවිඩ් නිසා මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් නොවෙයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වුවත් දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.

කාලීන සංවාද සියළු ලිපි

මුස්ලීම් ලෝකය කම්පාකල ශයික් දරුවාගේ දේහයට ගිනිතැබීම

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේ දරුවාගේ දේහය ආදාහනය කිරීම නිසා දෙවියන් ඉදිරියේ එම දරුවා වරදකරුවකු නොවන බව අපි දනිමු. නමුත් මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ ⁣මම,අපි යන සියලුදෙනාම වගඋත්තර බැඳිය යුත්තන් බව අමතක නොකල යුත්තකි. එමනිසා මේ දරුවාගේ මරණය හා එම මරණයට උදාකරදුන් අවාසනාවන්ත ඉරණම අවස්ථාවක් කරගෙන මේ සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා කිසියම් සාධනීය පියවරයන් ගැනීම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජයේ නායකයින් අවදානය යොමු කලයුතුව ඇත.

කාලීන සංවාද පුවත් විමසුම සියළු ලිපි

මුස්ලිම් මරණ ආදාහනය

මේ සඳහා උල්ලංඝණය කරන (ආණ්ඩු) පාර්ශ්වය වෙනුවෙන් සිදු කරන ජනප්‍රිය කරුණු දැක්වීමක් වන්නේ බහුතර ජනතාවක් විසින් (සිංහල බෞද්ධයන්) මේ සඳහා විරෝධයක් දක්වන බවය. මුලික අයිතිවාසිකම් ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කර දී ඇත්තේම එය බහුතරයක හෝ ආධිපත්‍ය මතය හෝ ක්‍රියාකාරිත්වයන් මඟින් උල්ලංඝණය වීම වැළැක්වීම සඳහා ය. එබැවින් මෙම කරුණු දැක්වීමමුලික අයිතිවාසිකම් සම්බන්ධවහරයාත්මකවම වැරදි කරුණු දැක්වීමකි.

කාලීන සියළු ලිපි

මුස්ලිම් අපට දුක්කරදර ඇති වන්නේ ඇයි?

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සුවිශේෂී තැනක හිමි කර ගනිමින් මේ රටේ ඉදිරි ගමනට ක්‍රියාකාරී දායකත්වයන් ලබාදුන් ජාතියක් ලෙස ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’  පැවතුණි. එම ප්‍රෞඩ ඉතිහාසය හිතාමතා වසන් කිරීමට හා විකෘති කිරීමට විවිධ කාලවල ජාතිවාදී ව්‍යාපාර හා එහි බුද්ධිමතුන් ලෙස පෙනීසිටින ජාතිවාදීන් නොයෙක් අවස්ථාවල උත්සාහයන් දැරුවත් ඒ කිසිවක් ඔවුන් අපේකෂා කල තරමට සාර්ථක නොවීය. එයට හේතුව […]

කාලීන ජිහාද්/ත්‍රස්ථවාදය සියළු ලිපි

මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ  ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා […]