පාලකයා ජනතාව සමඟ ක‍්‍රියා කලයුතු ආකාරය

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය. දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- […]

පාලකයා කෙරෙහි ජනතාවට පැවරෙන වගකීම්

බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ නැත. කලීෆාවරු(මගේ නියෝජිතයෝ) අධික සංඛ්‍යාවක් පහළ වන්නෝයැ”යි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. එවිට සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනී ඔවුන් පිළිබඳව අපට කුමක් කියන්නේදැ?යි විමසූහ. එවිට එතුමාණෝ —ඔවුන්ගෙන් පළමුවෙන් බයිඅත් (ප්‍රතිඥා දුන්) තැනැත්තාට එය සම්පූර්ණයෙන් ඉටු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට […]

පාලකයාට පැවරෙන වගකීම්

“නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු මම ඇසුවෙමි. ගැත්තෙකුට අල්ලාහ් ජන සමාජයක වගකීම භාරදී ඔහු තම වැසියන් නොසලකා හැර මිය ගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය අනිවාරයෙන්ම තහනම් කරන්නේය.” දන්වන්නේ :-අබූ ය:ලා ම:කල් බින් යසාර් (රලි) – ග්‍රන්ථය :-බුහාරි, මුස්ලිම් “බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ […]

පාලකයාට තිබිය යුතු සුදුසුකම්

අල්ලාහ්ගේ දූතයාණන් ච් කළ ප්‍රකාශයට මම සවන් දුනිමි. එතුමාණෝ මගේ නිවසේ සිටින විට මෙසේ ප්‍රාර්ථනා කළහ. “යා අල්ලාහ්, මගේ සමාජයට සමහර සේවාවන් ඉටු කිරීමට පත්වූ කෙනෙක් ඔවුන්ට දැඩි ලෙස කටයුතු කරන්නේ නම් ඔබත් දැඩි ලෙස කටයුතු කරත්වා. ඔවුන් සමග කාරුණිකව කටයුතු කරන අයට ඔබත් කාරුණිකව කටයුතු කරත්වා…” දන්වන්නේ :-ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය – ග්‍රන්ථය :- […]

පාලකයා තොරාපත් වන ආකාරය

දෙවියන් විසින් සම්පාදනය කරණ ලද ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන තැනැත්තා තොරා පත්කර ගැනීම පිලිබදව ඉස්ලාම් ස්ථීර ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකරයි. එය බහුතර මතයද?, පාරමපාරිකව උරුමවන රජ පාලනයද?… යනාදී වශයෙන් අවධාරණය නොකරයි. උදාහරණයට ඉස්ලාමීය ඉතිහාසයේ ප‍්‍රථම කලීෆා (නායකත්වය) මුහම්මද් (සල්) තුමාණන් හට හිමිවන්නේ එතුමාණන් ආගමිකව නායකත්වයක් දරණ ගමන් ඒ සමාජයේ පීඩිත ජනයා වෙනුවෙන් ක‍්‍රියාකාරී දායකත්වයක් […]

විධායකය හා අධිකරණය

දේශපාලන විද්‍යාව පිලිබදව අවධානය යොමු කරණ විට ව්‍යවස්ථාධායකය හැරුණු කල මීළඟට මාතෘකාවට ගැනෙන ප‍්‍රධාන කාරණය වන්නේ “විධායකය හා අධිකරණය” යන්නයි. මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව කථා කිරීමට පෙර ලාංකීය සමාජය පදනම් කරගෙන ඉහත සදහන් විධායකය හා අධිකර්ණය පිලිබදව සරල ආකාරයේ හැදින්වීමක් කරන්නේ නම්, එය පහත ආකාරයට හැදින්වීය හැක. විධායකය යනු වය්‍යවස්ථාධායකය විසින් සම්පාදනය කරන […]

ව්‍යවස්ථාදායකය පිලිබදව ඉස්ලාමීය දැක්ම

දේශපාලන න්‍යායන් ඒ ආකාරයට නිර්මාණය වී හා ක‍්‍රියාත්මකව පැවතුනත් ඉස්ලාම් දහමේ දේශපාලන න්‍යායන් මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට සකස් වී ඇත. ඉස්ලාමීය විශ්වාසයට අනුව පොළොව මත ඕනෑම කාලයකට හා ඕනෑම ස්ථානයකට ප‍්‍රායෝගික වන මිනිස් ජීවිතය පහසු කිරීම සඳහා වූ නීතීන් හා ජීවන සැලසුම් නිර්මාණය කිරීමේ හැකියාව පවතින්නේ දෙවියන්ට පමණි. ඉස්ලාම් පවසන දෙවියන් මේ සියල්ල සදහාම […]

රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම

ජාත්‍යන්තරයෙත් විශේෂයෙන් අද ජාතික තලයෙත් වැඩි වශයෙන් කථා බහට ලක්වන මාතෘකාවක් බවට “දේශපාලනය” යන්න පත්ව ඇත. විශේෂයෙන් මැතිවර්ණ අවධියක සිටින ශ‍්‍රී ලංකාව තුල මෙය කාලීන මාතෘකාවක් බවට ද පත්ව ඇත. මෙම විෂය සම්බන්ධයෙන් විවිධ වූ විග‍්‍රහයන් හා වටමේස සාකච්චාවන් අද අපට අඩු නැතුව දක්නට ඇත. මෙම දේශපාලන විග‍්‍රහයන් අතර ආගම් පදනම් කරගත් දේශපාලන විග‍්‍රහයන් හා […]

ඔබේ ඡන්දය කාටද?

අද ශ‍්‍රී ලංකාව තුල ජනාධිපතිවර්ණයක් ප‍්‍රකාශයට පත්කොට තිබීම තුල රටේ ජනතාව අතර හා ජනමාධ්‍යවල උණුසුම් මාතෘකාව බවට මෙය පත්ව ඇත. එම නිසා මෙම කාරණය සම්බන්ධයෙන් ජනතා අවධානයට කරුණු කිහිපයක් යොමු කරවීමට යහමඟ කැමැත්තෙමි. මෙවර ලාංකීය ජනාධිපතිවර්ණයේ සුවිශේෂි කරුණු කාරණා බොහෝමයක් පවතී. එනම් සුපුරුදු පරිධි පිල්මාරුව, වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටීම, ප‍්‍රබල ආණ්ඩු පක්‍ෂයක් හා විපක්‍ෂයක් […]