කාන්තාවට හිමිවිය යුත්තේ සම තැනද? නිසිතැනද?

අතීතයේ පටන් මිනිස් සමාජය තුල වැඩි වශයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් ලෙස “කාන්තාව” යන්න සදහන් කලහැක. මෙම මාතෘකාව විටෙක සුන්දර මාතෘකාවකි. තවත් විටෙක එය උත්තරීතර මාතෘකාවකි. විටෙක එය සෝචනීය මාතෘකාවකි. තවත් විටෙක එය විප්ලවීය හා සංවාදාත්මක මාතෘකාවකි. මේ ආකාරයට විවිධ පැතිකඩ ඔස්සේ සමාජය තුල දෝලනය වන මෙම කාන්තාව පිලිබදව පුළුල් ලෙස කථා කිරීමේ අනිවාර්‍ය වගකීමක් මුස්ලීම් […]

ඉද්දා යනු කුමක්ද? ඒ කුමක් සදහාද?

ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. මෙය ඉද්දාව පිලිබදව සරල විග්‍රහයක් වන අතර මෙම ඉද්දාව පිලිබදව ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේත් මුස්ලීම් නොවන සමාජයට ඇත්තේ අවම වූ දැනුමක් නිසාත්, මුස්ලීම් […]

බහුවිවාහය සමාජ අවශ්‍යතාවයක්ද?

මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කලහැක. ශිෂ්ටසම්පන්න සමාජයක විවාහය යන්න මූලික අවශ්‍යතාවයකි. කෙසේ නමුත් ඉස්ලාම් පවසන මෙම විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන්ය. විශේෂයෙන් “බහුවිවාහය” සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයක් පමණි. ඒ අනුව ඉස්ලාම් දහමට එරෙහිව නැඟෙන චෝදනා අතර පිරිමීන් සදහා විවාහ 04 […]

දික්කසාදය නීති පිලිබද විමසුමක් I

අද යහමඟ අඩවිය තුල කථා කරන මාතෘකාව මෙතෙක් සාකච්ඡා නොවූ තරමක වෙනස් එසේම අමිහිරි වූ මාතෘකාවකි. “දික්කසාදය” නම් මාතෘකාවයි. මෙම මාතෘකාව මා විසින් තෝරාගැනීමට විශේෂ හේතූන් කිහිපයක් ඇත. ඉන් මුඛ්‍ය කාරණය නම්, මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට ද කිසියම් ආකාරයක ඇඟිලි දිගුවීමක් සිදුවීමයි. ඒ හේතුව නිසා මෙන්ම ලෝක කාන්තා දිනය අභියස සිටින අද දවසේ මෙය කථා […]

ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද

කාන්තාව සම්බන්ධයෙන් ලෝකයා දැක් වු ප‍්‍රතිචාරයන් විවිධ කාලවල දී විවිධ මුහුණුවර ගෙන ඇත. එහිදී ඇයගේ අයිතීන් වෙනුවෙන් ඇය දැක්වු සක‍්‍රිය ක‍්‍රියා පිලිවෙත විශේෂයෙන් සදහන් කලයුතුය. මෙම කාන්තා අයිතිය පිලිබදව ඇයගේ සක‍්‍රිය අවදානය යොමු කාල වකවානුව පිලිබදව ඉතිහාසය කථා කරන්නේ නම්, එය වසර ගනනාවක් අතීතයට දිවයයි. එහි ආරම්භයට නිශ්චිත තැනක් මායිම් කර දැක්විය නොහැකි වුවත්, ලොව […]

ඉස්ලාම් දහම තුල කාන්තා අයිතිය

මෙම ලිපියේ මුල් කොටස හා සැබැඳේ මීට වසර 1420 කට පෙර එනම් ඉස්ලාම් දහම සමාජය ඉදිරියේ ප‍්‍රකාශ වන ආරම්භක අවධියේ අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත්, පවුලක කාන්තාවක් සිටීම ලැජ්ජාවට කාරණයක් ලෙසත්, වෙළද පොළේ වෙළද භාන්ඩයක් ලෙස අලෙවි වූ බවත් ඉතිහාසගත තොරතුරුවලන් පැහැදිලි වේ. මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනය 58-59 වාක්‍යය පහත අකාරයට අනාවරණය කරයි. […]

ඉස්ලාම් අසමසම දහමක් යයි පවසන්නේ ඇයි?

ඈත අතීතයේ පටන් අද දක්වා ලොව බිහිවූ සෑම දහමක්ම, දර්ශනයක්ම එහි අනුගාමිකයන් හට කල පොදු නියෝගයක් වේ නම්, ඒ සත්ක්‍රියාවන් හි නිරත වන්න අසත්ක්‍රියාවන්ගෙන් වැලකෙන්න යන්නයි. මෙසේ සෑම දහමක් දර්ශනයක් තුලම යහපත් මඟපෙන්වීමක් පැවතුනද ඒ හේතුවෙන් එහි සදහන් සියළු මඟපෙන්වීන් සාරථක මෙන්ම ආදර්ශමත් පරිපූර්ණ මඟපෙන්වීම් බව තර්ක කල නොහැක. සත්ක්‍රියාවන් හි නිරත වී යහපත් පුරවැසියකු […]

චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය තුල කාන්තාව – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහමට එරෙහි යොදන ගැටවල නම් දැන් දැන් අඩුවක් නැත. පසුගිය දිනක යහමඟ ට ඊමේල් පණිවුඩයක් ලැබී තිබුණි. (මෙම ලිපිය අතරතුර එම ඊමේල් ලිපිය ඉදිරිපත් කරමි.) එසේම මීට දින කිහිපයකට පෙර යහමඟ පාඨකයෙකු විසින් ගැටළුවක් ද මා වෙත යොමු කොට තිබුණි. ඒ “…දෙවියන්ට පිරිමින් සුන්නත් කර හෝ ගැහැණුන්ගේ ලිංගික අවයවයේ සංවේදීම කොටස ඉවත්කර ඔවුන්ව සදන්නට […]

ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය

ලොව බොහෝ ආගම් හා ඇදහිලි මිනිස් සමාජයට අත්කර දී ඇත්තේ දුක හා පසුතැවීම පමණි. එවන් වූ ආගම් හා දර්ශනයන් අතර ඉස්ලාම් දහමේ භූමිකාව ලොවට කියාපෑම මෙම යහමඟ අඩවියේ මූලික අරමුණයි. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා විටින් විට ලාංකීය සමාජයේ පවතින විවිධ වූ ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කොට ඇත්තෙමි. එහි දී එම ආගම් හා […]