මණ්ඩප සාකච්චා

Notifications
Clear all

කොරෝනා විත්ති

Page 2 / 2

Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

එළියේ ගස් යටත් රෝගීන්! මගේ ඇස් ඉදිරිපිට දෙදෙනෙක් මැරුණා! සිරස මාධ්‍යවේදිනිය පාන්දර 1ට කළුබෝවිල රෝහලේ සිට තැබූ අතිසංවේදී සටහන! (PHOTOS)

කොරෝනා රෝගය වැළදීම හේතුවෙන් කළුබෝවිල රෝහලට අද අලුයම ඇයව ඇතුළත් කිරීමට ගිය සිරස මාධ්‍ය ආයකනයේ මාධ්‍යවේදීනී තිලක්ෂණී මධුවන්ති විසින් තම සංවේදී අත්දැකීම ෆේස්බුක් පිටුවේ සටහන් කිරීමට පියවර ගෙන ඇත.

එම සටහන මෙසේය.

‘ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා……..

දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

ඔවුන් අසාධ්‍ය රෝගීන්.

වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.සීතලේ මදුරුවන් තලමින්,

මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

කාර්ය මණ්ඩලය සීමිතයි.

ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.

මීට වඩා අසරණකමකුත් නෑ.

හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

කොරෝනා සුළුවෙන් තකන්න එපා.

පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

පරිස්සම් වෙන්න..

හොඳටම පරිස්සම් වෙන්න….

~ තිලක්ෂණී මධුවන්ති ~

 

https://www.mawratanews.lk/exclusive/patients-under-trees-outside-two-died-before-my-eyes-sirasa-journalist-writes-at-1-am-from-kalubowila-hospital/


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

https://youtu.be/Un6DFQ0CHlY


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

ඔට්ටමාවඩි ප්‍රදේශයේ සමස්ත කොවිඩ් ආසාදිත මළ සිරුරු 1355 භූමිදානය කෙරේ

මේ වන විට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සිරුරු 1355 ක් මේ වන විට ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමිදානය කර ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික විශ්වාසයට ගරු කරමින් රජය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී කොවිඩ් මරණ භූමිදානය සඳහා අවසර ලබා දුන්නා. ඒ අනුව එදා සිට මේ දක්වා භූමිදානය කර ඇති අය අතර සියළුම ජාතීන් සිටින බවත් ඉන් වැඩි පිරිසක් වන 1273 දෙනෙකු මුස්ලිම් ජාතිකයන් බවද වෛද්‍යවරයා සඳහන් කළා. ඊයේ (05) දිනය වන විට මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව දැක්වුනේ 4,821 ක් ලෙසයි.
 

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබන හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික වික්‍රමසිංහ මහතා දැක් වූ අදහස්

https://www.youtube.com/watch?v=IsCZYdKZObw


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 
2021/09/02 අද දින ලොවපුරා කොරෝනා රෝගීන් පිලිබදව විස්තර පහත ආකාරයට වේ

Sri lanka
Total Cases - 444,130
Total Deaths - 9,400
Total Recovered - 376,216
Active Cases - 58,514


World
Total Cases - 219,359,741
Total Deaths - 4,546,830

Total Recovered - 196,173,588

වැඩි විස්තර මෙහි Click කොට කියවන්න

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

වැඩි විස්තර - මෙහි Click කරන්න


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

වැඩි විස්තර - ලංකාදීප වෙබ් අඩවිය


ReplyQuote
Page 2 / 2
Share: