මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ජාතියක් ලෙස අද අප සිටින තැන..?

Page 5 / 6

Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  
Posted by: @abuarshed

සිව් හැවිරිදි දරුවාට බියර් පෙවූ අයකු මාට්ටු

මෙම දරුවාට  පානය කිරීම සඳහා බියර් දෙන අන්දම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අනව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධිය පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ දී සිදුව ඇති අතර සැකකරු ද එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 

උපුටා ගැනීම - ලංකාදීප

මෙය මේ රටේ සිදුවූ පලමු අවස්ථාව නොවේ. ඔබේ මතකයට මෙවැනි අවස්ථාවක් ගෙන එන්නේ නම්,

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ

කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පණ්ඩිතයන් සිය දෙනකු සමග කතා කිරීම පහසු වුවත් එක් මෝඩයකු සමග සාකච්ඡා කිරීම පහසු නොවන බව ඒකාන්ත සත්‍යයකි. මරණ තුනක් ඇති මිනිසකු පැණි කෑ බවට පුවතක් ද වහරෙහි වෙයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණ සීමා අතික්‍රමණය කරමින් බාල් නටන රස්තියාදුකාර පුරවැසියන් පැවැත එන්නේ ඒ පරම්පරාවෙනි. කැස්බෑවේදී පමණක් නොව රටේ නන් දෙසින් දිනපතා නීතියේ රැහැනට හසුවන්නේ ඒ පරම්පරාවේ ලාබාල ඥාති පුත්‍රයෝ වෙති.

මේ මොහොත යනු මේ රටේ පුරවැසියාට තමන් සම්බන්ධයෙන් නිවැරැදිවූත් සාර්ථකවූත් අංගසම්පූර්ණවූත් පරීක්ෂණයක් කරගත හැකි මොහොතකි. කොරෝනා මේ රට අාක්‍රමණය කර වසර එක හමාරක් කල් ඉක්ම ගොසිනි. මෙම කාලය තුළ මෙම මාරක වසංගතය තුරන් කිරීම සඳහා පුරවැසියකු වශයෙන් තමන් අවංකවම කැප වූයේ ද නැද්ද යන්න විනිශ්චය කරගැනීමට ඒ සම්බන්ධයෙන් අවංක පිළිතුරක් තම හෘදය සාක්ෂියෙන් ලබාගැනීමට මෙම පැය කදිමට යොදාගත හැකිය.

සංචරණ සීමා පමුණුවනු ලබන්නේ කවර අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට ද යන්න යළි යළිත් මෙහි සටහන් කළ යුතු නොවේ. එම අරමුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ජනයා සතුව තිබිය යුතුය. එබඳු අවබෝධයක් නොමැති පුරවැසියකු වේ නම් ඔහුට මේ සමාජයේ තවදුරටත් පැවැතීමට අයිතියක් නැත. මන්දයත් එබන්දකු යනු දැන හෝ නොදැන සමූහ මිනී වළක් කණිනු ලබන්නකු වන හෙයිනි.

අයිතිවාසිකම් සම්බන්ධයෙන් මරාගෙන මැරෙන්නට පෙරට එන මෙරට ඇතැම් ජනයා යුතුකම් සම්බන්ධයෙන් විමතිය දනවන තරමින් මුනිවත රකිති. මෙය වූ කලී චිරාත් කාලයක් පුරා දක්නට ලැබෙන කසඩ ගතියකි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපටදී ද ඇතැමුන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ එම කසඩ ගති ලක්ෂණයන්මය. ගමක් හුදෙකලා කළ පසු අවශ්‍ය කෑම බීම හා වෙනත් අත්‍යවශ්‍ය දෑ නිසි පරිදි නොලැබුණේ යැයි උද්ඝෝෂණය කරන පිරිස් තම ගම ඒ මහා ව්‍යසනයට ගොදුරු වීම වැළැක්වීම සඳහා අබ මල් රේණුවක තරමින් හෝ මැදිහත් වූයේ ද? ඇතැම් විට එම ගම එම රුදුරු ව්‍යසනයට ගොදුරු වීමේ ප්‍රධාන පංගුකාරයන් බවට ඇතැම් උද්ඝෝෂකයන් පත්වීමට ද ඉඩ තිබේ.

එළැඹ ඇත්තේ අයිතිවාසිකම් මෙන්ම යුතුකම් සම්බන්ධයෙන් ද වගකීම් සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් ලෙස වගවිය යුතු මොහොතකි. මෙලෙස රට වසාගෙන අප තව කොතෙක් කලක් ජීවත් වන්න ද යන ප්‍රශ්නය මගහැර යා යුතු නැත. පවුලක සාම්ප්‍රදායික ජීවන රටාව මුළුමනින්ම බිඳවැටී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනයට අත් වී ඇති ඉරණම පරම්පරා ගණනාවකට ඉදිරියේදී බලපෑමට යටත්ය. රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය ගණනය කළ හොහැකිය. මෙම පරිසරය තුළ කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන මිනිසුන් සුලභ වනු ඇත.

තැන තැන උපන්දින සාද දමන පිරිස් අමතක කර තිබෙන්නේ මෙම බිහිසුණු ඉරණමය. සාද දමන්නන් අධිකරණය ඉදිරියට පමුණුවා නිරෝධායනයට යොමු කිරීමට පෙර ඔවුන්ට යම් පමණක හෝ මොළයක් තිබේදැයි පරීක්ෂා කළ යුතුය.
සැබැවින්ම මෙතැන තිබෙන්නේ මොළය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. පුරවැසි වගකීම් සහ යුතුකම් සම්බන්ධ ප්‍රශ්නයකි.

සොබා දහම ද නොතකමින් ආත්මාර්ථකාමීත්වයෙ පතුළේ ගිලෙමින් පැමිණි ගමනේ තර්කානුකූල අන්තය කොරෝනා මාරාන්තික වසංගතය වේ. එය අවබෝධ කරගැනීමට මේ මොහොතේදී යමකු අසමත් වන්නේ නම් එය අවබෝධ කරගැනීමට ඔවුන්ට තවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තක්කඩි ලෙස හැසිරෙන සියල්ලන් වටහාගත යුත්තේ එයයි.

This post was modified 2 months ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
බුද්ධිමත් විමසුමට අන්තර්ජාලෙයන්...

This post was modified 2 months ago 2 times by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
මෙවැනි ක්‍රියාවන් තුලින් අප ලෝකයාට කියාපාන්නේ කුමක්ද? (අන්තර්ජාලෙයන්)

This post was modified 2 months ago by Yahamaga

ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

උප පොලිස් පරික්ෂක ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

රුපියල් කෝටි  51ක් පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 728ක් තම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි  අත් අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා වැඩි දුර පරික්ෂණ පැවැත්විම සඳහා 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(19) සවස පොලිසියට අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබා දුන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය විසින් කරන ලද කරුණු දැක්විම සළකා බැලිමෙන් පසුවය.

මෙසේ රැඳවුම් බාරයට පත් කරනු ලැබුවේ දකුණු කලුතර පොලිසියේ අධිකරණ අංශය බාරව කටයුතු කරන ලද වාද්දුව පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරික්ෂක ටි .සනත් කුමාර ද සිල්වා,කොළඹ 15 අලුත් මාවත පදංචි රාමයියා සම්මුගනාදන්,සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවෝ තිදෙනා වෙති.

Link - ලංකාදීප

This post was modified 2 months ago by Ibnu Saheer

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
Link - Ade.lk

This post was modified 1 month ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ අමදෝරු අමරජීව ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි
උපුටා ගැනීම - ලංකාදීප

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
Posted by: @yahamaga

Link - Ade.lk

බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් හා අනුබල දුන් 17ක් අත්අඩංගුවට

COLOMBO (News 1st) : ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට

(ඉන්දිකා රාමනායක)

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් තිදෙනා සමඟ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය.

එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සිටින බව පැවසේ . (link - https://www.lankadeepa.lk/news/101-593755)

This post was modified 1 month ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.

අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකුණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.

https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%9A%E0%B7%83%E0%B6%AD%E0%B6%B8-%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%94-%E0%B6%B8%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/101-593894

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
මාස 18කට ළමා අපයෝජන 12 165

ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.

දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .

This post was modified 4 weeks ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
Posted by: @yahamaga
Posted by: @yahamaga
Posted by: @yahamaga

Link - Ade.lk

බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් හා අනුබල දුන් 17ක් අත්අඩංගුවට

COLOMBO (News 1st) : ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට

(ඉන්දිකා රාමනායක)

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් තිදෙනා සමඟ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය.

එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සිටින බව පැවසේ . (link - https://www.lankadeepa.lk/news/101-593755)

ඉහත සිද්ධියට අදාලව අද එනම් 2021/07/06 වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34කි.

නිමා නොවන ළමා අපයෝජන...

ReplyQuote
Page 5 / 6
Share: