මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ජාතිවාදී ප්‍රහාරය - දිගන / තෙල්දෙණිය ප්‍රහාරය


Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

2018/03/05 දින සංවිධානගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ තෙල්දෙණිය හා දිගන මුස්ලීම්වරුන් ඉලක්ක කොට සිදුකරන ලද විනාශයෙන් එක් ජීවිතයක් හා විශාල දේපල විනාශයක් සිදුවන ලදී… මහනුවර ප්‍රහාරයට මහසෝන් සම්බන්ධයි


Quote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

සෑම ජාතිවාදී ප්‍රහාරයක් අවසානයේදීම රටේ ආණ්ඩුපක්ෂ දේශපාලඤයින් කල පොදු ප්‍රකාශ මෙයයි. මෙය මෙලෙසම ඉදිරියටත් ප්‍රකාශ වනු නියතය. මට සිතෙන ආකාරයට එයට හේතුව ඥානසාර හිමි බේරුවලදී කිව්වා වගේ මේ රටේ තවම ඉන්නේ සිංහල පොලිසිය, හමුදාව වීමයි. එම ප්‍රකාශයට තවත් කොටසක් මා එක්කිරීම අවශ්‍යය ඒ “පාලකයන්ද සිංහල“ යන්නයි.


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

 

ගැටුමට මුල්වුණේ පිටින් ආපු අය රජය මේකට වගකිව යුතුයි - තරුණ සංගම්වලින් චෝදනා


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

 

මේ ප්‍රභූ රථයේ පැමිණියේ කවුද? (මෙය රටට අණාවර්නය කිරීමේ වගකීම රජයට ඇත)


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

2018/03/05 දින සංවිධානගත පිරිසක් විසින් මහනුවර ප්‍රදේශයේ තෙල්දෙණිය හා දිගන මුස්ලීම්වරුන් ඉලක්ක කොට සිදුකරන ලද විනාශයෙන්...


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

කුමාරසිංහගේ පියා කී එක් වැකියක් ලිවිය යුතුමය: ‘කෙයිතරම් පත්තර, රූපවාහිනීවලින් ආවත් අපි කියපු ඒ ඒ හැටියටම දැම්මේ රාවය පත්තරේ විතරයි!’. ඔහු, මා රාවයට ලියන බව දැන සිටියේ නැත. ‘අපට කොයින්ද හයියක් ඔය වගේ ගෝරි කරන්න. අනෙක පිටින් හයියක් නැත්නම් කොහොමෙයි ඕව කරන්නෙ. අපේ පුතා මුස්ලිම් ළමයි එක්ක හොඳයි. ඇත්ත මුලදිම කිව්ව නම් ඔය විනාශ වෙන්නෙ නැහැ’ ඒ කඳුවැටිය හරහා දෝංකාර දිය යුතුව ඇති ඔහුගේ වචන‍ය.

කුමාරසිංහගේ සිරුර නගර සංචාරය පිනිස ගෙන යාමට ඉල්ලා සිටි පිරිස් අතර දේශපාලනඥයින්ද වූහ. අනුමත නොකළ වාර්තා කියන්නේ එවැන්නන් අතර පාර්ලිමේන්තු මංත්‍රී දිළුම් අමණූගමද මහසෝන් බලකායද වූ බවය. රටපුරා අනතුරුවලට ලක්ව මිය යන අනෙක් සිංහලයින්ගේ අවසන් කටයතු වලට නොයන නමුත් කුමාරසිංහ අවමඟුලටට කළුවර සමඟ ගිය බොදු බල හමුදා සේනාධිනායක ඥාණසාර තෙරද එවැනි ඉල්ලීමක සංකේතයකි. කළුවර මහසෝනාගේ පිටියයි.

http://www.vikalpa.org/?p=32267


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

කුමාරසිංහට පහරදීපු හිරේ ඉන්න තරුණයින් එක්ක කතා කරපු කෙනෙක් නම් කවදාවත් ඔය ප්‍රහාරයන්ට යන්නේ නැහැ. ඒ තරුණයින් ඇත්තම කියනවා. පහරදීම කිසිම වර්ගවාදී හේතුවක් නැහැ. කොල්ලො බීල හිටියෙ. ගැහැවෙත් මරන්න නොවෙයි!” එහෙම කියන්නේ මෙම ප්‍රහාරයන් ගැන තොරතුරු එක් කර ගනිමින් එය නැවැත්වීමට බොහෝ උත්සාහ ගත් කුමුදුනී විතානය. ඇය මහනුවර දිසාවෙහි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයෙහි සම්බන්ධීකාරිකාවය.

මෙම ප්‍රහාරය අහම්බයක් නොව කලින් සූදානම් කර තිබූ ප්‍රහාරයක් බව ඇය විශ්වාස කරයි. අහම්බය වූයේ ස්ථානය අවස්ථාව පමණි. ප්‍රහාරයට පැමිණි පිරිස් මුහුණු ආවරණ පැළද සිටියේ එකම විදිහටය. පොලීසියට කළහකාරී පිරිස් පාලනය කර ගැනීමට බැරිවූ හෝ ඒ සඳහා උත්සාහ නොගත් බව පැහැදිළිවන සාධක තවමත් හමුවෙමින් තිබේ. පොලීසියේ එස්. ටී.එෆ්. බලකාය තමන්ට පහරදුන් බවට පැමිණිලි ගණනාවක් ද මුස්ලිම් ජනයා විසින් මානව හිමිකම් කොමිසමේ නුවර කාර්යාලයට පසුගිය මාසය තුළ ඉදිරිපත් කර ඇත. ‘අපේ කඩයට ගහන කොට පොලිස් ජිප් එක තිබ්බේ අතන’ යැයි දිගන පල්ලිය අසළදී අපට අසන්නට ලැබුණි.


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

මෙරට නීතියේ පාලනය කොතරම් මහජාතික ආගමික වර්ගවාදයට යටවී ඇත්දැයි පෙන්වූයේ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩකාරින්ට ‘පැය දෙකකින් ඉවර කර පල්ලා’ යැයි අවසර දුන් පොලිස් පිරිස් වලින් පමනක් නොවේ. ‘හාමුදුරුකෙනෙක් එහෙම අත් අඩංඟුවට ගත්ත නම් රටම ගිනි ගන්න තිබුණා’ යන පොදු එනමුත් වැරදි පිළිගැනිමෙහිය. එම පිළිගැනීම අප අතරම උච්චාරණය වනු දිගන ගමනෙහි දුටුවෙමි.

කුණ්ඩසාල පොලීසිය ඉදිරියෙහි සුපුරුදු අසැබි රංගනය පෑ අම්පිටියේ සුමන හිමි මැරවර ක්‍රියා අනුමත නොකරවා පමණක් නොව මෙසේද කියයි: ‘අපේ පිරිස් රස්තියාදු වීමෙන් සහ මේ අහේතුක අත්අඩංගුවට ගැනීම් පිලිබඳව තිබූ බලවත් අප්‍රසාදය ක්ෂණික කෝපයක් බවට පත් වෙලා කඩවලට ගහන්න පටන් ගත්තා. මම අපේ ආගම අපේ මිනිසුන්ට මෙහෙම වෙද්දි වාඩි වෙලා බලං ඉන්න කෙනෙකුත් නෙමෙයි.’ පුුදුම විය යුත්තේ නීතිය කොහිදැයි මුස්ලිම් ජනයා අපෙන් නොඅසන්නේ නම්ය.

http://www.vikalpa.org/?p=32267


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

ගැහැණු මූණ පෙන්නුවාම මේ ඔක්කොම හරිද.? රටේ අරක්ෂාවට ඇත්තටම හානි කලේ සිංහල බෞද්ධ අන්තවාදී මැර පිරිස්ය. පසුගිය දින කිහිපය තුල පමණක් ඔවුහු රටේ පුද්ගලික හා පොදු දේපල සංඛ්‍යාවෙන් 270 කටත් එහා ගිණිබත් කලහ. දැනටමත් දුර්වල වී ඇති රටේ ආර්ථිකයට කෝටි ගණනාවක අලාභයක් ඇති කලහ. අහිංසක තරුණයෙකු මරා දැමූහ. පහත දී ඇත්තේ ඕකුංගේ කෙරුවාවේ සාරාංශයකි.

 

 

දිගන ඇවිලුණේ ජාතිවාදී ගිණි නොව රාග ගිණිද.

"ජාතික ආරක්ෂාවට තර්ජනයක්" වන මුස්ලිම් සංස්කෘතිකාංග තහනම් කර දිගන වැනි ගිනි නිවමු.? මේ තර්කය ගෙනෙන්නේ අඩුවැඩි වශයෙන් සිංහල සමාජය තුල ඉස්ලාම්විරෝධී ජනමතය ගොඩනැඟූ ඈයෝමය. මොවුන්ට අනුව මුස්ලිම්වරයා රටට හිතකර වන්නේ ඔහු/ඇය ඉස්ලාමයෙන් ඈත්වන තරමටය. බොරදියෙන් මාලුවෙක් දෙන්නෙක් අල්ලගන්න දරන හිස් වෑයමකි. තවත් සමහරු මෙය ඉදිරිපත් කරන්නේ සිද්ධි බැලන්ස් කිරීමකටය.

ගැහැණු මූණ පෙන්නුවාම මේ ඔක්කොම හරිද.? රටේ අරක්ෂාවට ඇත්තටම හානි කලේ සිංහල බෞද්ධ අන්තවාදී මැර පිරිස්ය. පසුගිය දින කිහිපය තුල පමණක් ඔවුහු රටේ පුද්ගලික හා පොදු දේපල සංඛ්‍යාවෙන් 270 කටත් එහා ගිණිබත් කලහ. දැනටමත් දුර්වල වී ඇති රටේ ආර්ථිකයට කෝටි ගණනාවක අලාභයක් ඇති කලහ. අහිංසක තරුණයෙකු මරා දැමූහ. පහත දී ඇත්තේ ඕකුංගේ කෙරුවාවේ සාරාංශයකි.


මේ ඔක්කොම මුං කර ඇත්තේ ගැහැණුන්ගෙ රෙද්දකට ඇවිස්සුණු කාමයකිනි. එසේ නම් දිගන ඇවිලුණේ ජාතිවාදී ගිණි නොව රාග ගිණිද.? ගැහැණු මුහුන පෙන්නීමෙන් මෙකී කාමාතුරයින් මැර වැඩ කිරීම නතර වනු ඇත. වාරණ දැමිය යුත්තේ මේ මැර සංස්කෘතියට එරෙහිව මිසක් ගැහැණුන්ගෙ රෙදිවලට නොවේ.

ඉස්ලාම් විරෝධී ජනමතයක් සිංහල සමාජය තුල තිබීම නිසා මෙවැනි සිදුවීම් සිදුවන්නේ යැයි සිතමු. එසේ නම් ප්‍රශ්ණය ඇත්තේ සිංහල සමාජයේ ජනමතයෙහි නොවේද.? එය නිවැරදි කිරීමේ ප්‍රචාරක කටයුතු සඳහා මුස්ලිම් සංවිධානවලට සහය දීම නොවේද විය යුත්ත.?

දකුණු පලාතෙන් එන පුද්ගලයින් මෙය කරන බවත් ගැටුම් සිදුවූ ප්‍රදේශවල ඉස්ලාමෝෆෝබියාවක් ගැටුම්වලට හේතුවුයේ නැතැයි කියන අතර මුස්ලිම්වරු වෙනස්විය යුතුයි යැයී කියති. එලෙස කීමම ඒ ප්‍රදේශවල සංස්කෘතික ගැටුමක් නැති බවයි ඒකෙන් නම් ඔප්පු වන්නේ. දකුණෙන්ම එන්නේ නම්, දකුණෙ ජනමතය අප්සෙට් විය යුතුයි. දකුණට උතුරෙ දෙමළ සංස්කෘතිය සමඟද මේ ප්‍රශ්නෙම තිබේ. දකුණ මුස්ලිම්ද.? නිවැරදි කල යුත්තෙ දකුණ සහ එය නියෝජනය කරන සංස්කෘතිය නොවේද.?

ගිණි තැබීම් වලින් බොහෝමයක් කුඩා කණ්ඩායම් මෙහෙයුම් විය. කුඩා කණ්ඩායම් මෙහෙයුමක් පිටුපස තිබිය හැකි හස්ත මෙසේ ලැයිස්තුගත කල හැක.
‎1). සංවිධිත කුඩා පිරිසක් මෙහෙයවන ත්‍රස්තවාදී සංවිධානයක්. ( උදා :- මහසොහොන් බලකාය, සිංහලේ ජා.ස, රාවණා බලය, බොදු බල සංවිධානය)
‎2). ඦන්ද වැඩිකරගැනීම වැනි දේශපාලන අරමුණක් තිබෙන පුද්ගලයෙක්/සංවිධානයක්.
‎4). ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හෝ ජාතික මට්ටමේ ව්‍යාපාරයක් සිය තරඟකරුවන් ඉවත්කිරීමට දෙන කොන්ත්‍රාත්තුවක්.
‎3). මංකොල්ල කණ්ඩායමක්.

කුඩ කණ්ඩායම් මෙහෙයුම් සඳහා ජනතා අනුමැතියක් හෝ ජනමතයක් අවශ්‍ය නොවේ. එනයින්, සංස්කෘතික ගැටුමක් නැති තත්වයක උවද මෙවැනි මෙහෙයුම් සිදුවෙනු ඇත.

මෙවර ගැටුමට මූලිකම හේතුව පොලීසීය සහ STF ජාතිවාදී වීමය. සෙසු ආරක්ෂක අංශද මීට වෙනස් යැයි සිතිය නොහැක. දර්ග ටවුන්, බේරුවල, ගින්තොට, අම්පාර අපට කියාදෙන්නේ මෙයයි. උතුරෙ යුද්ධය ගැන අලුත් පරපුර නැවත සිතිය යුතුයි. රටේ අවශ්‍ය තරම් නෛතික ප්‍රතිපාදන තිබුණත් මෙවැනි සිදුවීම් පුනරාවර්ථනය වන්නේ මේ නිසාය.

 

උපුටා ගැනීම -  http://aaloka.lk/…/islamic…/islamophobic-attacks-kandy-2018/

This post was modified 2 months ago by Ibnu Saheer

ReplyQuote
Share: