මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ජාතිවාදී ප්‍රහාර - කුරුණැගල දිස්ත්‍රීක්කයේ මුස්ලිම් ව්‍යාපාර හා නිවෙස් 500 කට පමණ කල විනාශය


Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

2019/05/05 දින මුස්ලීම් විරෝධි ප්‍රහාරය - > 

අන්තවාදී කල්ලි සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ විසින් යම් ඉඩක් ලබා දෙන්නේ යැයි මේ වනවිට ප්‍රසිද්ධ චෝදනා ඇත. ඇතැම් ස්ථානවල පහරදීම් නොදැක්කා සේ සිටියේ යැයිද බොහෝ තැන්වල මැර කල්ලි පාලනය කිරීමට මැදිහත් වන්නේ සැළකිය යුතු විනාශයකට පසුව යැයිද චෝදනා ඇත.

කුරුණෑගල දිස්ත්‍රීක්කය යුද සමයේ වැඩිම සොල්දාදුවන් පිරිසක් බිහි කළ දිස්ත්‍රීක්කය බවද, එනිසාම විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් රාජකාරියෙන් බැහැරව එහි ඉන්නා බවද සැළකිය යුතු කාරණාවකි.

කෙසේ නමුත් කුරුණැගල දිස්ත්‍රීක්කයේ කුඩා නගර හත අටක් ආශ්‍රීතව දෙදිනක් ඇතුළත මුස්ලිම් ව්‍යාපාර හා නිවෙස් 500 ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා විය. මේ පසුබිමෙහි දිවයින පුරා රාත්‍රී ඇඳිරි නීතිය පනවනු ලැබිමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් තිබේදැයි ප්‍රශ්නයක්ද ඇත.


Quote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

සිංහල බෞද්ධ ඡන්ද ගණන් හදමින් ඉන්නා එජාපය !

සියල්ල අස්ථාවර වීම සමගින් අද ආණ්ඩුව ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකි අසරණ පිරිසක් සමගය. අගමැති තවමත් කියන්නේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට විදේශ විශේෂඥයින්ගේ සහාය ලැබී ඇති බවත් වහා ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගත යුතු බවත්ය.

මේ දිග හැරෙන්නේ මුස්ලිම් 'අන්තවාදය' නොවේ - කුසල් පෙරේරා


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

අක්‍රීය රජයේ සේවාද මුස්ලිම් විරෝධය සමඟ හවුල් වෙමින් බුර්කාව පැළඳීමේ තහංචිය ඔවුන්ගේ කොන්දේසි අනුව ක්‍රියාත්මක කරන්නට පටන් ගැනිණ. එලෙසින් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයම මුස්ලිම් විරෝධය සමඟ අක්‍රීයව ඇත. ඒ සමඟ මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලුත් හයියක් ලැබූහ.

 

 

අන්තවාදයේ අග මුල පටලැවිල්ල


ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

කර්මාන්තශාලාවේ සේවකයන් බහුතරය සිංහල ජාතීන් බව එතැනට පැමිණ සිටි එක් සේවකයෙක් පැවසුයේය. ඔවුහු සිදුවීමෙන් දැඩි ශෝකයට පත්ව සිටියහ. බවුසර් හතරක ආධාරයෙන් එම ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කළ බව පොලීසිය සඳහන් කළේය. එහෙත් අප එහි යන විටත් කර්මාන්තශාලාව තුළ ගිනි දැල්වෙමින් තිබුණි. එහි සියලු බිත්තිද පුපුරා ඉරිතලා කඩා වැටීමට පෙර ලකුණු කියමින් සිටියේය. ඊට මොහොතකට පෙර එහි පිටුපස බිත්තිය පුපුරා කඩා වැටුණු බව පොලිස් නිලධාරීහු පැවසූහ. එම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් විනාශව තිබුණි. සිදුවූ අලාභය රුපියල් බිලියන 700ක් බව වාර්තා වේ.

 

රාවය අඩවියෙන් උපුටාගැනීම

This post was modified 2 months ago by Ibnu Saheer

ReplyQuote
Share: