Forum

ශ්‍රී ලාංකීය මුස්ලී...
 
Notifications
Clear all

[Sticky] ශ්‍රී ලාංකීය මුස්ලීම් මරණ ගිනි තැබීම පිලිබදව වු සංවාදය  


Ibnu Saheer
Posts: 7
Admin
Topic starter
(@abuarshed)
Member
Joined: 8 years ago

කෝවිඩ්-19 හේතුවෙන් සහ එසේ යැයි සැක කරන රෝගි මරණ ගිනිතබා අළුකර දැමීම ශ්‍රි ලාංකීය සමාජය තුල උණුසුම් මාතෘකාවක් වී ඇත. ඉස්ලාම් දහම අනුව මෘතදේහයකට නොකලයුතු ක්‍රියාවක් වන මෙම ගිනිතැබීම අද ශ්‍රි ලාංකීය සමාජය පමණක් නොව සමස්ථ මුස්ලීම් ලෝකයම කම්පා කරවන ක්‍රියාවක් වී ඇත. මේ පිලිබදව සිදුවන වාද විවාද සංවාද පෙලගැසීම මෙම මණ්ඩපයේ අරමුණයි. 

1 Reply
Ibnu Saheer
Posts: 7
Admin
Topic starter
(@abuarshed)
Member
Joined: 8 years ago

කොරෝනා ආසාදිත දේහයේ අවසන් කටයුතු පෙර චක්‍රලේඛ අනුවම

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් - 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය 19 වනදා සිදුවූ මෙම මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සැළකිල්ලට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම සිරුර ආදාහනය කිරීමට පසුගිය 20 වනදා නියෝග කළේය.

මේ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ පුතකු දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ආදාහනය කිරීමට විරෝධය දක්වා භූමදාන කරන්නේනම් පමණක් දේහය භාරගැනීමට කටයුතු කරන බව දන්වා තිබිණි.

නමුත් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිසිය පසු දා (21) මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ ගොස් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මෙම පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

පොලිසිය හා ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටීම හේතුවෙන් එයට පිළිතුරු වශයෙන් ඉහත ලිපිය යොමුකර තිබිණි. (ඇමිණුම - 1)

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී මියගිය තැනැත්තාගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත නිකුත් කළ ලිපියක් ද ඉදිරිපත් කර තිබිණි. එම ලිපියේ දක්වා තිබුණෙ අලි සබ්රි අමාත්‍යවරයා යෝජනා කළ පරිදි මළ සිරුරු බහාලීම සඳහා ශීතාගාර කන්ටේනර ලබාදීම සිදුකරන ලෙසයි. (ඇමිණුම - 2)

මේ පිළිබඳ 2020 දෙසැම්බර් 22 වැනි දින ජාතික රෝහල් නියෝජ්‍ය අධයක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරුන්ට සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට, රෝහල් අධිකාරීවරුන්ට හා සියළුම අධිකරණ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කිරීමක් ද යවා ඇත. (ඇමිණුම - 3)

එහි දක්වා ඇත්තේ එම ලිපිය රජයේ අමාත්‍යවරයකු වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමඟ කරන ලද වෙනත් සාකච්ඡාවක දී පැන නගින ලද කරුණු සම්බන්ධයෙන් යවන ලද්දක් බවයි. එම ලිපිය කිසිසේත්ම මීට පෙර නිකුත් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ චක්‍රලේඛ හා 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අංක 2170/8 දරණ ගැසට් පත්‍රයේ උපදෙස්වලට අමතරව නිකුත් කරන ලද ලිපියක් නොවන බවයි. ඒ අනුව වලංගු වන්නේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ. 

Reply
Share:

[ultimatemember form_id=”10540″]