ජාතිවාදී ප්‍රහාරය - දිගන / තෙල්දෙණිය ප්‍රහාරය | Forum

Topic location: Forum home » General » General Chat
Ibnu Saheer
Ibnu Saheer May 30
2018/03/05 දින සංවිධානගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ තෙල්දෙණිය හා දිගන මුස්ලීම්වරුන් ඉලක්ක කොට සිදුකරන ලද විනාශයෙන් එක් ජීවිතයක් හා විශාල දේපල විනාශයක් සිදුවන ලදී… මහනුවර ප්‍රහාරයට මහසෝන් සම්බන්ධයි
Share:
Ibnu Saheer
Ibnu Saheer May 30


සෑම ජාතිවාදී ප්‍රහාරයක් අවසානයේදීම රටේ ආණ්ඩුපක්ෂ දේශපාලඤයින් කල පොදු ප්‍රකාශ මෙයයි. මෙය මෙලෙසම ඉදිරියටත් ප්‍රකාශ වනු නියතය. මට සිතෙන ආකාරයට එයට හේතුව ඥානසාර හිමි බේරුවලදී කිව්වා වගේ මේ රටේ තවම ඉන්නේ සිංහල පොලිසිය, හමුදාව වීමයි. එම ප්‍රකාශයට තවත් කොටසක් මා එක්කිරීම අවශ්‍යය ඒ “පාලකයන්ද සිංහල“ යන්නයි.

Ibnu Saheer
Ibnu Saheer May 30


ගැටුමට මුල්වුණේ පිටින් ආපු අය රජය මේකට වගකිව යුතුයි - තරුණ සංගම්වලින් චෝදනා

Ibnu Saheer
Ibnu Saheer May 30

මේ ප්‍රභූ රථයේ පැමිණියේ කවුද? (මෙය රටට අණාවර්නය කිරීමේ වගකීම රජයට ඇත)

Ibnu Saheer
Ibnu Saheer May 30

දිගන විනාශයේ පිංතූර නැරඹීමට මෙහි Click කරන්න


The Forum post is edited by Ibnu Saheer May 30
Ibnu Saheer
Ibnu Saheer Jun 2

කුමාරසිංහගේ පියා කී එක් වැකියක් ලිවිය යුතුමය: ‘කෙයිතරම් පත්තර, රූපවාහිනීවලින් ආවත් අපි කියපු ඒ ඒ හැටියටම දැම්මේ රාවය පත්තරේ විතරයි!’. ඔහු, මා රාවයට ලියන බව දැන සිටියේ නැත. ‘අපට කොයින්ද හයියක් ඔය වගේ ගෝරි කරන්න. අනෙක පිටින් හයියක් නැත්නම් කොහොමෙයි ඕව කරන්නෙ. අපේ පුතා මුස්ලිම් ළමයි එක්ක හොඳයි. ඇත්ත මුලදිම කිව්ව නම් ඔය විනාශ වෙන්නෙ නැහැ’ ඒ කඳුවැටිය හරහා දෝංකාර දිය යුතුව ඇති ඔහුගේ වචන‍ය.

කුමාරසිංහගේ සිරුර නගර සංචාරය පිනිස ගෙන යාමට ඉල්ලා සිටි පිරිස් අතර දේශපාලනඥයින්ද වූහ. අනුමත නොකළ වාර්තා කියන්නේ එවැන්නන් අතර පාර්ලිමේන්තු මංත්‍රී දිළුම් අමණූගමද මහසෝන් බලකායද වූ බවය. රටපුරා අනතුරුවලට ලක්ව මිය යන අනෙක් සිංහලයින්ගේ අවසන් කටයතු වලට නොයන නමුත් කුමාරසිංහ අවමඟුලටට කළුවර සමඟ ගිය බොදු බල හමුදා සේනාධිනායක ඥාණසාර තෙරද එවැනි ඉල්ලීමක සංකේතයකි. කළුවර මහසෝනාගේ පිටියයි.

http://www.vikalpa.org/?p=32267

Ibnu Saheer
Ibnu Saheer Jun 2

කුමාරසිංහට පහරදීපු හිරේ ඉන්න තරුණයින් එක්ක කතා කරපු කෙනෙක් නම් කවදාවත් ඔය ප්‍රහාරයන්ට යන්නේ නැහැ. ඒ තරුණයින් ඇත්තම කියනවා. පහරදීම කිසිම වර්ගවාදී හේතුවක් නැහැ. කොල්ලො බීල හිටියෙ. ගැහැවෙත් මරන්න නොවෙයි!” එහෙම කියන්නේ මෙම ප්‍රහාරයන් ගැන තොරතුරු එක් කර ගනිමින් එය නැවැත්වීමට බොහෝ උත්සාහ ගත් කුමුදුනී විතානය. ඇය මහනුවර දිසාවෙහි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයෙහි සම්බන්ධීකාරිකාවය.

මෙම ප්‍රහාරය අහම්බයක් නොව කලින් සූදානම් කර තිබූ ප්‍රහාරයක් බව ඇය විශ්වාස කරයි. අහම්බය වූයේ ස්ථානය අවස්ථාව පමණි. ප්‍රහාරයට පැමිණි පිරිස් මුහුණු ආවරණ පැළද සිටියේ එකම විදිහටය. පොලීසියට කළහකාරී පිරිස් පාලනය කර ගැනීමට බැරිවූ හෝ ඒ සඳහා උත්සාහ නොගත් බව පැහැදිළිවන සාධක තවමත් හමුවෙමින් තිබේ. පොලීසියේ එස්. ටී.එෆ්. බලකාය තමන්ට පහරදුන් බවට පැමිණිලි ගණනාවක් ද මුස්ලිම් ජනයා විසින් මානව හිමිකම් කොමිසමේ නුවර කාර්යාලයට පසුගිය මාසය තුළ ඉදිරිපත් කර ඇත. ‘අපේ කඩයට ගහන කොට පොලිස් ජිප් එක තිබ්බේ අතන’ යැයි දිගන පල්ලිය අසළදී අපට අසන්නට ලැබුණි.

Ibnu Saheer
Ibnu Saheer Jun 2

මෙරට නීතියේ පාලනය කොතරම් මහජාතික ආගමික වර්ගවාදයට යටවී ඇත්දැයි පෙන්වූයේ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩකාරින්ට ‘පැය දෙකකින් ඉවර කර පල්ලා’ යැයි අවසර දුන් පොලිස් පිරිස් වලින් පමනක් නොවේ. ‘හාමුදුරුකෙනෙක් එහෙම අත් අඩංඟුවට ගත්ත නම් රටම ගිනි ගන්න තිබුණා’ යන පොදු එනමුත් වැරදි පිළිගැනිමෙහිය. එම පිළිගැනීම අප අතරම උච්චාරණය වනු දිගන ගමනෙහි දුටුවෙමි.

කුණ්ඩසාල පොලීසිය ඉදිරියෙහි සුපුරුදු අසැබි රංගනය පෑ අම්පිටියේ සුමන හිමි මැරවර ක්‍රියා අනුමත නොකරවා පමණක් නොව මෙසේද කියයි: ‘අපේ පිරිස් රස්තියාදු වීමෙන් සහ මේ අහේතුක අත්අඩංගුවට ගැනීම් පිලිබඳව තිබූ බලවත් අප්‍රසාදය ක්ෂණික කෝපයක් බවට පත් වෙලා කඩවලට ගහන්න පටන් ගත්තා. මම අපේ ආගම අපේ මිනිසුන්ට මෙහෙම වෙද්දි වාඩි වෙලා බලං ඉන්න කෙනෙකුත් නෙමෙයි.’ පුුදුම විය යුත්තේ නීතිය කොහිදැයි මුස්ලිම් ජනයා අපෙන් නොඅසන්නේ නම්ය.

http://www.vikalpa.org/?p=32267

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර