123

ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනයාට එරෙහි කුමන්ත්‍රණ හා ප්‍රහාර - මණ්ඩප සාකච්චා | Forum

Topic location: Forum home » General » General Chat
Ibnu Saheer
Ibnu Saheer May 7
මේ රට තුල සුළුතරයක් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ජාතිවාදී අරමුණින් නොයෙක් ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පැවතීම ප්‍රසිද්ධ රහසකි. එම ව්‍යාපරයන් හි ක්‍රියාකලාපයන් හා ඔවුන්ගේ න්‍යායපත්‍රයන් සමස්ථ සමාජයට අණාවර්නය කිරීම මෙම ෆෝරම් හි අරමුණයි. 
The Forum post is edited by Ibnu Saheer May 12
Share:
Ibnu Saheer
Ibnu Saheer May 9
ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් මහා ගැටුමක් පළමු වරට වාර්තා වන්නේ 1915 වසරේදීය.

Ibnu Saheer
Ibnu Saheer May 9

Quote from Ibnu Saheer ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් මහා ගැටුමක් පළමු වරට වාර්තා වන්නේ 1915 වසරේදීය.

1915 මැයි 28 දින මහනුවර ගම්පල ප්‍ර දේශවලින් ඇරඹු ගැටුමින් මුස්ලීම්වරුන්ට සිදුවු ජීවිත හානි හා දේපළ හානි එක් නිල වාර්තාවකට අනුව නිවාස ගිනි තැබිම්,කඩ ගිනි තැබිම් 350ක් ද සොරකම් කීරිම් 4075ක් ද, අනෙකුත් හානි කිරීම් 86ක් ද මුවර් මරණ 25ක් ද තුවාල වීම් 189 ක් හා දූෂණයන් 04 ක් ද ඇතුළත් විය. එවකට රටේ සමස්ථ මුස්ලීම් ජනගහනය ලංකා මුස්‌ලිම් 233901 ක්‌ද මුහුදු බඩ මුස්‌ලිම් (Coast moovers) 32724 ක්‌ද යන වශයෙනි.

The Forum post is edited by Ibnu Saheer May 9
Ibnu Saheer
Ibnu Saheer May 12

සෑම ප්‍රහාරයක් අවසානයේදීම රටේ ආණ්ඩුපක්ෂ දේශපාලඤයින් කල පොදු ප්‍රකාශය. මෙය මෙලෙසම ඉදිරියටත් ප්‍රකාශ වනු නියතය. හේතුව ඥානසාර හිමි බේරුවලදී කිව්වා වගේ මේ රටේ තවම ඉන්නේ සිංහල පොලිසිය, හමුදාව වීමය. එම ප්‍රකාශයට තවත් කොටසක් මා එක්කිරීම අවශ්‍යය ඒ “පාලකයන්ද සිංහල“ යන්නයි.  

Ibnu Saheer
Ibnu Saheer May 20

Quote from Ibnu Saheer ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් මහා ගැටුමක් පළමු වරට වාර්තා වන්නේ 1915 වසරේදීය.

1915 මැයි මාසයේ මහනුවර වෙසක් පෙරහැරක් අදාළ කරගෙන ඇති වූ කෝලාහලයක් අවසානයේ 25 දෙනෙක් මරුමුවට පත්වූහ. කාන්තාවන් 4 දෙනෙක් දූෂණයට ලක්වූහ. 189 දෙනෙක් තුවාල ලැබූහ. ඒ, රට පුරා පැතිරුණු මුස්ලිම්-විරෝධී හිංසනයක් නිසා ය.

එදා පැවති බි‍්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව යුද නීතිය ප‍්‍රකාශයට පත්කෙළේය. ආණ්ඩුවේ හමුදාවන් සහ පොලීසිය විසින් එම ප‍්‍රචණ්ඩත්වය මැඩලීමේදී අඩු වශයෙන් 63 දෙනෙකු ඝාතතනය කෙරුණි. වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් වැනි ඉංග‍්‍රීසි ස්වේච්ඡා සාමාජිකයන්, සමහර විට ආණ්ඩුවේ ද ආශීර්වාදය ඇතිව, විවෘතවම ජනතාවට වෙඩි තැබූ බවට වාර්තා තිබේ.

කෝලාහල අවසන් වන විට 4000 කට වැඩි මුස්ලිම් කඩසාප්පු ප‍්‍රමාණයක් කොල්ලකා තිබුණි. දවස් 9 ක කාලයක් තුළ මුස්ලිම් පල්ලි 17 ක් ගිනිබත් කොට තිබුණි.

උපුටා ගැනීම - www.vikalpa.org/?p=32412

Ibnu Saheer
Ibnu Saheer May 24
Quote from Ibnu Saheer

සෑම ප්‍රහාරයක් අවසානයේදීම රටේ ආණ්ඩුපක්ෂ දේශපාලඤයින් කල පොදු ප්‍රකාශය. මෙය මෙලෙසම ඉදිරියටත් ප්‍රකාශ වනු නියතය. හේතුව ඥානසාර හිමි බේරුවලදී කිව්වා වගේ මේ රටේ තවම ඉන්නේ සිංහල පොලිසිය, හමුදාව වීමය. එම ප්‍රකාශයට තවත් කොටසක් මා එක්කිරීම අවශ්‍යය ඒ “පාලකයන්ද සිංහල“ යන්නයි.  

https://www.youtube.com/watch?v=1x5oBeE2VPQ

456