ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් - උරුමය සොයා නැවතත් | Forum

Yahamaga
Yahamaga Dec 5 '19
ශ්‍රී ලාංකීය ඉතිහාසය අවංකව විශ්ලේෂණය කරන්නෙකු හට මෙරට තුල මුස්ලීම්වරුන්ගේ භූමිකාව කවර ආකාරයේ එකක්ද? යන්න වටහා ගැනීම අසීරු නොවේ. රජවරුන්ගේ පටන් යටත්විජිත සමය දක්වාත් එයින් පසුත් මෙරටේ ඉදිරි ගමනට සක්‍රිය හා පලදායි දායකත්වයක් මුස්ලීම්වරුන් ලබාදුන් බව ඉතිහාස ගවේෂණ කෘතීන් තුලින් මනාව පිළිබිඹු වේ.

නමුත් අවාසනාවන්ත ලෙස මෑතක පටන් එම ඉතිහාසයන් සිතාමතා විකෘති කරමින් හා වසන් කරමින් නව ඉතිහාසයක් ලියෙවෙමින් තිබෙන අතර ඒ මඟින් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් දේශද්‍රේහීන් ලෙසත්, රටේ මහා ජාතියට එරෙහිව කුමණ්ත්‍රනයන් කරන ජාතියක් ලෙසත් වැරදි ප්‍රතිරූපයක් ගොඩනඟමින් සිටී. විශේෂයෙන් පාසැල් ඉතිහාස පොත්පත් තුලින් මෙම විකෘතිය සදහා ප්‍රවේශයක් ලබාගෙන ඇති ආකාරයක් දක්නට ඇත. 


මෙවන් වකවානුවක 'ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්' යන මෙම මණ්ඩපය තුලින් එම විෂය පිලිබදව මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි. 


The Forum post is edited by Yahamaga Dec 11 '19
Share:
Yahamaga
Yahamaga Dec 5 '19


  • මේ රටට පෘතුගීසින් පැමිණියා මේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,

  • ඊළඟට ලන්දේසීන් පැමිණියාමේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,

  • ඊළඟට ඉංග්‍රීසීන් පැමිණියා මේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,

මුස්ලීම්වරුන් ද මේ රටට පැමිණියා, ඔවුන් මේ රට ආක්‍රමණය කලේ නැත. ආක්‍රමණය කරන්නට උත්සාහ කලේත් නැත. මේ රටට එරෙහිව ක්‍රමණ්ත්‍රනයන් දියත් කලේ ද නැත. රටේ සාමයට සහජීවනයට තර්ජනයක් වුයේ ද නැත. එසේ නොකලා පමණක් නොව මේ රටේ දියුණුවේ නියමුවන් බවට ඔවුන් පරිවර්ථනය විය. ඒ සුන්ද ඉතිහාසය හා ඒ තුල ඔවුන්ගේ මෙහෙවර අදටත් රන් අකුරින් ලිය වී ඇත.

The Forum post is edited by Yahamaga Dec 5 '19
Ibnu Saheer
Ibnu Saheer Dec 11 '19
ඉතිහාසයට අනුව යෝනකවරුන්ගේ විශාලතම ආගමනය සිදු වුයේ පළමු වන බුවනෙකබාහු රාජ්‍ය කාලයේ අට වන වර්ෂයේදීය. අලුතින් පැමිණි මේ අමුත්තන්ට පුත්තලමේ සිට බේරුවල දක්වා සමුද්‍ර තීරයේ ගම්මාන වල පදිංචි වීමට සහ සිංහල කුල කාන්තාවන් සමඟ විවාහ වීමට පළමු වන බුවනෙකබාහු රජු අවසර දුන්නේය. මුලින් ම ලංකාවට පැමිණි යෝනක ජාතිකයින්ගෙන් පැවතෙන්නන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ගියේය. ඔවුන් පසු කලෙකදී වූවද අරාබි ස්ත්‍රීන් මෙහි ගෙන්වා ගත් බවට වාර්තා නොමැත. සිංහල මව් පාර්ශවයෙන් පැවත එන්නන් ලෙසට ඔවුන්ට ඓතිහාසික පසුබිමක් ඇති බවට හිමිකම් කිව හැකිය. 


ලංකාවේ යෝනක නායකයන්ට බොහෝ විට “හිමි” යන පටබැඳි නාමය තිබුණි. මීට හේතුව පුරාණ හිමියාර් හෝ යේමන අරාබි රාජධානිය සමග ඔවුන්ගේ තිබුණු සම්බන්ධතා විය හැකිය. මේ අනුව, වස්තු හිමි නමැති සිංහල යෝනක කුමරු කුරුණෑගල රාජධානිය කොට ගෙන දෙවන බුවනෙකබාහු නමින් ලංකාවේ රජ කළ බව පෙනේ.


වැඩි විස්තර - යහමග

eDoc
eDoc Dec 13 '19

එදා අපේ ලක්වැසියන්ගේ වීරයා සරදියෙල්ය, එද #සරදියෙල්#මම්මලේ_මරික්කාර්#තංගම්මලාඑකට එකමුතුවෙන් සිටියා, එදත් සිරිමලා කියන බයියා සුද්දන්ට ඔත්තු සපයලා ලක්වැසියන්ගේ එකමුතුකම නැතිකරා, අදත් රට ජාතීන්ගේ එකමුතුකම නැතිකරන්න අප අතර සිරිමල්ලා ගැවසෙනවා කියන එක මතක තබා ගන්න සහෝදරවරුනි!!

Ibnu Saheer
Ibnu Saheer Jan 13
භූගෝල ගවේෂකයෙකු වන ‘ඉදිරිසි‘මෙසේ පවසයි, 1154 දී මේ රටේ පැවතී රාජ සභාවක මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සිටී අතර එයින් 04 දෙනෙකු මුස්ලීම්වරුන්ය. තවද රජවරුන්ට උපදේශකවරුන් ලෙසද මුස්ලීම්වරුන් එදා කටයුතු කලේය.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
පස්වන විජයබාහු රජතුමාගේ රාජ සභාවේ ‘මීරාලෙබ්බේ’ නම් ප්‍රසිද්ධ මුස්ලීම් මන්ත්‍රීවරයෙකු සිටී බවට ඉතිහාසයේ පැහැදිලි සාක්ෂි දක්නට ලැබේ.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
එපමණක් නොව මුහුදු ගමන් පිලිබදව පලපුරුද්දක් මෙන්ම බහු භාෂා නිපුනතාවයක් ද මුස්ලීම්වරුන්ට එදා තිබූ නිසා රට රටවල් අතර රාජ්‍ය දූතයන් ලෙස එදා කටයුතු කලේත් බොහෝ විට මුස්ලීම්වරුන්ය.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
1283 දී දෙවන බුවනෙකබාහු රජතුමා ඊජිප්තුවට රාජ්‍ය දූතයෙකු ලෙස ‘හාජි උස්මාන්‘ නම් මුස්ලීම් රාජ්‍ය දූතයෙක් පිටත්කර යැවීම ඉහත කාරණය තවදුරටත් තහවුරු කරන සාධකයකි.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
රටවල් අතර බැදීමන් වැඩි කර ගැනීම සදහා මෙන්ම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගැනීම සදහා එදා රාජ්‍ය දූතයන් නැමැති ප්‍රබල වගකීම මුස්ලීම්වරුන්ට පවරා, මේ රට නියෝජනය කිරීම පිණිස වෙනත් රටකට ඔවුන් පිටත්කර යැවීම තුල මුස්ලීම්වරුන් එවකට පැවතී රජවරුන්ගේ විශ්වාසය කොතරම් දුරකට දිනාගෙන තිබුණද යන්න මනාව පැහැදිලි වේ.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
අදටත් නුවර ප්‍රදේශයේ ජීවත් වන සමහරක් මුස්ලීම්වරුන්ගේ වාසගම් හොදින් නිරීක්ෂණය කලේනම් මා ඉහතින් පවසන කාරණය ඔබට මනාව පැහැදිලි වේ. එනම්, සමහරක් නම් සදහා වාසගම් ලෙස අදටත් භාවිතා වන්නේ ‘තානාපති මුදියන්සේලාගේ” යනුවෙන්. (මෙහි ‘තානාපති‘ හා ‘මුදියන්සේ‘ යන වචනවලින් අදහස් කරන්නේ කුමක්ද? යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි)මේ තුලින් ද පැහැදිලි වන්නේ ඉහතින් සදහන් කාරණය නොවේද?
Ibnu Saheer
Ibnu Saheer Jan 13
මීට අමතරව රජවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් ලෙස ද මුස්ලීම්වරුන් සේවය කල බවට ඉතිහාසයේ සදහන් වේ,
Ibnu Saheer
Ibnu Saheer Jan 13
මේ රටේ යුනානි නම් වෙදකම හදුන්වා දුන්නේ මේ මුස්ලීම්වරුන්ය,
Ibnu Saheer
Ibnu Saheer Jan 13
එපමණක් ද නොව රජවරුන්ගේ ආහාර පිලියෙල කිරීමේ දී එය භාරව කටයුතු කල මුස්ලීම්වරුන් පිලිබදව ද ඉතිහාසය තුල සදහන් වේ. මේ කරුණූ තුල මුස්ලීම්වරුන් රජවරුන්ගේ විශ්වාසය කොතෙක් දුරකට දිනාගෙන සිටියාද? යන්න පැහැදිලි වටහා ගැනීම අපහසු නොවනු ඇත.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
1710 වන විට සීතාවක, කෝට්ට, නුවර රාජධානිවල යුධ සෙබළුන් ලෙස මුස්ලීම්වරුන් 950 ක් පමණ සේවය කල බව සදහන් වේ. (මෙම සංඛ්‍යාව එවකට පැවතී මුස්ලීම් ජනගහනයට සාපේක්ෂව විශාල සංඛ්‍යාවකි)
Ibnu Saheer
Ibnu Saheer Jan 13
පෘතුගීසීන්ට එරෙහිව සිදුකල සටනේදී මුස්ලීම්වරුන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කල බව ඉතිහාසයේ සදහන් වේ. මේ නිසාම නුවර ප්‍රදේශයේ ඉඩම් මුස්ලීම්වරුන්ට පරිත්‍යාග ලෙස එවකට සිටි රජවරුන් ලබාදුන් බව ඉතිහාසයේ සදහන් වේ. ලන්දේසීවරුන්ට එරෙහිව මුස්ලීම්වරුන් රට නි‍යෝජනය කරමින් සටන් වදින ලදී, ඉංග්‍රීසිවරුන්ට එරෙහිව ද මුස්ලීම්වරුන් රට නියෝජනය කරමින් සටන් වදින ලදී,
Ibnu Saheer
Ibnu Saheer Jan 13
මේ රටට නිදහස හිමිවන මොහොතේ කිසිදු කොන්දේසියකින් තොරව මුස්ලීම්වරුන් රජයට දැක්වූ දායකත්වය එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා පවා ඉතා ප්‍රශංසාත්මක ලෙස පසුකාලෙක මතක් කරන ලදී.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
මේ රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබාදුන් පිරිස් අතර මුස්ලීම්වරුන් මුල්තැන ගෙන කටයුතු කල නිසාම වරක් ඩී. එස් සේනානායක මහතා පවා ‘මේ රටේ කොඳුනාරුටිය මුස්ලීම්වරුන්’ යයි පවසන ලදී.
Ibnu Saheer
Ibnu Saheer Jan 13
මෑත කාලීනව රටේ පැවතී කොටි උවදුර හමුවේ මුස්ලීම් ජනයා බෙදුම් වාදයට අනුබල නොදී ක්‍රියා කිරීම නිසා ඔවුන්ට අහිමි වූ දෑ සුළුපටු නොවේ. පරම්පරා ගණනාවක් මුළු‍ල්ලේ එක්රුස් කල දේපල ඉඩකඩම් වස්තූන් සියල්ල අතහැර දමා පැය දෙකකින් යාපනයෙන් ඉවත් ව පැමිණ අදටත් අසරණ ව ජීවිත ගත කරන මුස්ලීම් ජනයා පිලිබදව සිතා බලන්න වටිනවා නොවේද? එපමණක් නොව මුස්ලීම් දේවස්ථාන තුලට වැද එමෙන්ම මුස්ලීම් ගම්මානවල වැද සමූල ඝාතනය කල මුස්ලීම් ජනතාව කොතරම්ද? මේ සියල්ල මේ රටේ බෙඳුම්වාදයට මුස්ලීම්වරුන් එරෙහිවීමේ ප්‍රතිපලයක් නොවේද?

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more
Ibnu Saheer
2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම්... more

Forum Topics

Ibnu Saheer
ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය... More
Ibnu Saheer 3 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: