මුස්ලීම් අවදානයට සියළු ලිපි

අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්

මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ  පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.