ඉස්ලාමීය විමසුම් කාලීන සංවාද මුස්ලීම් අවදානයට සියළු ලිපි

මරණය සදහා වූ ඔබේ සූදානම – විමසුමක්

මහ පොළවේ හතර මායිම් අල්ලාගෙන කටු කම්බි ගසාගත් පමණින් නොඑසේනම්, සියල්ල මට යැයි පොදබැඳගත් පමණින්, මේ මිහිමත ජීවය ලද කිසිවකු සර්වකාලීන වන්නේ නැත. නියත වශයෙන්ම ඉරණමේ ලියා ඇති දිනක් උදා වන්නේමය. ඒ ‘මරණය’ නම් කටුක, අමිහිරි හා වේදනාකාරී මොහොතයි. ඒ මොහොත පිලිබදව මේ මිහිමත වෙසෙන කිසිවකුටත් සැක නැත. නමුත්  මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොත හිතාමතා […]

පුවත් විමසුම මුස්ලීම් අවදානයට විඩියෝ සහජීවනය සියළු ලිපි

මුස්ලීම්වරුන් වර්ග හතරකි..! – මහනුවර තිලකරතන හිමි

මුස්ලීම් සමාජයට කාලීන වශයෙන් ඉතා වැදගත් දේශනයක් අද ‘යහමඟ’ අඩවිය තුලින් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. ආගමික සහජීවනය, අන්තර් ආගමික අවබෝධය, ආගමික සංහිදියාව… පිලිබදව කථා කරන මේ වකවානුවේ පහත වීඩියො‍් කෙටි දේශනය ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ විශේෂ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. මෙම වීඩියෝව ඔබේ අවදානයට ගෙන ඒමට පෙර ප්‍රාර්ථනාවක්ද මෙහි එක් කලයුතුව […]

වෙනත් විශ්වාස සියළු ලිපි

ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ වූ ඇදහිලි

මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත් වීමට පුරුදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහැර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිළිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිළි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි […]

කිතුණු දහම සියළු ලිපි

බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව කිතුණුවන්ගේ ආගමික […]

බුදු දහම සමයාන්තර සියළු ලිපි

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

(දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ “ඉස්ලම් ආගමේ මූලාශ්‍රයන් කුමක්ද?” යන්නයි. මේ කාරණය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් නමින් විවිධ කරැණු ඉදිරිපත් කරමින් හා මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ඒවා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පෙළඹි සිටී. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් 2010.05.20 දින “රන් FM” ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා “ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07ක් කලහැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04ක් බවට සංශෝධනය කරන ලදී” යයි පවසන ලදී. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එසේම බරපතල වූ ප්‍රකාශයකි. (ඒ පිලිබදව සවිස්ථරව ඉදිරියේ දී කථා කරමි) මෙවැනි ප්‍රකාශනයන් සිදුවීමට ආගමික ඉගෙන්වීමන් මෙන්ම එම ඉගෙන්වීමන් ලබාගත හැකි තැන් පිලිබදව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස මේ කෙරෙහි සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අප ඉහත කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරමූ.