කාන්තා කාලීන සංවාද සියළු ලිපි

නූතන විලාසිතා ලෝකය හමුවේ වල්මත් වූ අපේ උම්මාව

විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි.

කාන්තා කාලීන සියළු ලිපි

නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි.

පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා […]

කාන්තා කාලීන සියළු ලිපි

අබායා සංස්කෘතිය හා ඉස්ලාමීය ඉගෙන්වීම

කාන්තා හිංසනය, අපයෝජනය හා දූෂණය වත්මන් ලෝකයේ උග්‍ර ගැටළුවක් ලෙස නිතර සාකච්චා කෙරේ. ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවර කුමක්ද? යන්න මෙහි කෙටි අවධානයක් යොමු කලේ නම්, ලොව අනිකුත් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ද මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙලාදකී. නමුත් ඉස්ලාම් එය හෙලාදැකීමට පමණක් සීමා නොවේ. වර්ථමානයේ විවිධ සංගම්, සමිති, ආගමික ආයතන විවිධ තේමාපාඨයන් පෙරදැරිව මෙවැනි කාන්තා […]

පාඨක ලිපි සියළු ලිපි

ෂරිආ නීතිය හා ම්ලේච්ඡ දඬුවම්?

සෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. “ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, […]

ජාතිවාදීය බ්ලොග් විමසුම සියළු ලිපි

අලුත්ගම මුස්ලීම් ජනතාවට සාධාර්ණය ඉටු කරන්න !

(කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය විසින් 2014 ජුනි මස 15 දින අලූත්ගම නගරයේදී පවත්වන්නට යෙදුනු රැස්වීමෙන් අනතුරුව ජනවාර්ගික කෝලාහලයක් ඇති විය. මෙම රැස්වීම පැවැත්වීම, ප‍්‍රචන්ඩකාරී ක‍්‍රියාවන්ට තුඩු දිය හැකි බව පොලිසියට හා රාජ්‍ය […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් කාන්තා සියළු ලිපි

විවාහය හා යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්

අද යහමඟ අඩවිය තුල සාකච්චාවට ගැනෙන්නේ ‘ඉස්ලාමීය විවාහය’ යන විෂයයි. මේ යටතේ ‘විවාහය’ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්නත්, ඉස්ලාම් නමින් සමාජය තුල තිබෙන මිත්‍යා සම්ප්‍රදායන්  මොනවාද? යන්නත් මෙහි තරමක් ගැඹුරින් ඉදිරිපත් කෙරේ. කෙසේ නමුත් ඉස්ලාමීය විවාහය පිලිබදව කථා කරන විට එහි උණුසුම් මාකෘතාවක් වන ‘බහුවිවාහය’ යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘බහු විවාහය සමාජ අවශ්‍යතාවයක්ද?’ […]

කාන්තා ජාතිවාදීය බ්ලොග් විමසුම සියළු ලිපි

නිකාබ්ය(මුස්ලීම් කාන්තා ඇදුම)ට එරෙහිව කැකිල්ලේ තීන්දු

කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දු පිලිබදව ලාංකීය සමාජයට හොද අවබෝධයක් තියෙනවා. එමනිසා ඒ කැකිල්ලේ රජු ගැන විග්‍රාහයන් අවශ්‍ය නොවේ. එදා හාස්‍ය උපදවන කථා වස්තූන් මැවූ කැකිල්ලේ රජතුමා මනක්කල්පිත වුවත් වර්ථමාන ලාංකීය සමාජයේ ජීවමාන කැකිල්ලේ රජවරුන් සිටිනවා යන්නට පහත Blog පිටුව හොද සාක්ෂියක්. කවදත් ඉස්ලාමයට එරෙහිව වියරුවෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන එසේම බෞද්ධකම උතුරන වදන් පවසන රාලගේ අළුත්ම […]