අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීමක්

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස පවසන අවස්ථාවන් මා දැක ඇත්තෙමි. එය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මෙම අල්කුර්ආනය ප්‍රකාශ වන්නේ ජිබ්රීල් (අලෛ) නම් (බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) දේවදූතයාණන් මඟිනි. […]

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ […]

ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, […]

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ “ඉස්ලම් ආගමේ මූලාශ්‍රයන් කුමක්ද?” යන්නයි. මේ කාරණය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් නමින් විවිධ කරැණු ඉදිරිපත් කරමින් හා මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ඒවා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පෙළඹි සිටී. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් 2010.05.20 දින “රන් FM” ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා “ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07ක් කලහැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04ක් බවට සංශෝධනය කරන ලදී” යයි පවසන ලදී. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එසේම බරපතල වූ ප්‍රකාශයකි. (ඒ පිලිබදව සවිස්ථරව ඉදිරියේ දී කථා කරමි) මෙවැනි ප්‍රකාශනයන් සිදුවීමට ආගමික ඉගෙන්වීමන් මෙන්ම එම ඉගෙන්වීමන් ලබාගත හැකි තැන් පිලිබදව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස මේ කෙරෙහි සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අප ඉහත කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරමූ.