බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම
ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.