කාලීන සංවාද සියළු ලිපි

මුස්ලීම් ලෝකය කම්පාකල ශයික් දරුවාගේ දේහයට ගිනිතැබීම

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේ දරුවාගේ දේහය ආදාහනය කිරීම නිසා දෙවියන් ඉදිරියේ එම දරුවා වරදකරුවකු නොවන බව අපි දනිමු. නමුත් මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ ⁣මම,අපි යන සියලුදෙනාම වගඋත්තර බැඳිය යුත්තන් බව අමතක නොකල යුත්තකි. එමනිසා මේ දරුවාගේ මරණය හා එම මරණයට උදාකරදුන් අවාසනාවන්ත ඉරණම අවස්ථාවක් කරගෙන මේ සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා කිසියම් සාධනීය පියවරයන් ගැනීම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජයේ නායකයින් අවදානය යොමු කලයුතුව ඇත.