ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් අපේ ප්‍රතිපදාව

රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද […]

මුස්ලීම් අවදානයට සියළු ලිපි

දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්‍රමවේදයකි !

අද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්‍රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන් […]

දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

කලිමාව සියළු ලිපි

ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව

ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 05 ක් හා මූලික විශ්වාසයන් 06 ක් මත ගොඩනැඟී ඇති දහමක් බව ‘යහමඟ’ අඩවිය අවස්ථා ගණනාවක දීම සාකච්චා කොට ඇත. එම ප්‍රතිපත්ති හා විශ්වාසයන් අතර ප්‍රධාන තැනක් හිමි කරගන්නා සාධකය වන්නේ ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලිල්ලාහ්’ යයි විශ්වාසයෙන් යුතුව පවසන ‘කලිමාව’ නම් ප්‍රතිපත්තියයි. එය ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති අතර පලමු වැන්නයි. එසේම […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – නියත වූ ස්වර්ගය

“අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවහ්දික මස්තතහ්තු අදූසු(z)බික මින් ෂර්රී මා සනහ්තු අබූඌ ලක බිනිහ්මතික අලෛය ව අබූඌ ලක බිස(z)න්බී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරු සු(z)නූබ ඉල්ලා අන්ත.” اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ […]

ඉස්ලාමීය විමසුම් මිනිසුන් වර්ග සියළු ලිපි

මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? – ඉස්ලාමීය විමසුමක්

මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? මෙය වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල ද කාලීන මාතාකාවක් වී ඇත. මන්ද එක්පසෙකින් සම්ප්‍රදායක මුස්ලීම්වරුන් පිලිබදව ද තවත් පසෙකින් සම්ප්‍රදායක නොවන  මුස්ලීම්වරුන් පිලිබදව ද උණූසුම් සංවාදයන් සිදුවෙමින් ඇත. මේ ‍මතවාද දෙක අතර මුස්ලීම් ජනයාගෙන් තවත් කොටසක් අවුල් වී ගොස් ඇත. මේ අනුව කාලීන වශයෙන් මෙය උණුසුම් මාතෘකාවක් වනවා සේම ‘මුස්ලීම්වරුන් යනු […]

දෙවියන් දේව පූස්තකයන් දේව වාදය දේව විශ්වාසය දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]