සිකුරාදා දිනයෙහි මහිමය

සිකුරාදා දිනයේ දෙවියන් විසින් තම වහලුන් වෙත පහළ කරන ආශීර්වාදය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මුස්ලීම්වරුන් ඥානවන්ත විය යුතුය. එය අල්කුර්ආනයේ 62-9 පවසන ආකාරයට සියළුම ලෞකික කටයුතුවලින් බැහැරව සාමූහිකව රැස්වීමේ දිනයක්, සැමරුම් දිනයක් සහ මෙනෙහි කිරීමේ හා අයැදින දිනයක් කරගතයුතුව ඇත.

රැකියාවක මහිමය – ඉස්ලාමීය විමසුමක්

මේ මිහිමත වෙසෙන මිනිසා දිනපතා දවස අරඹන්නේ අවශ්‍යතා රාශියක් පොදි බැදගෙනය. අතීතයේ ‘ආහාර’ නම් අවශ්‍යතාවයට පමණක් සීමා වූ මිනිසා අද වනවිට ‘ඇඳුම්’ හා ‘නිවාස’ යන අවශ්‍යතාවයන් පසුකරමින් තවත් අවශ්‍යතා රාශියකට මැදී වී ජීවත් වෙමින් සිටී. ඒ අනුව නූතන මිනිසා සම්ප්‍රදායක ආහාර, ඇදුම් හා නිවාස යන මූලික අවශ්‍යතාවයන් තුල තවදුරටත් කොටු කල නොහැක. ලෞකික වශයෙන් මේ […]

උපවාසයේ මහිමය හා රමලාන් මාසය

මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග […]