එකම විකල්පය ආදාහනය පමණද?
ශ්රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලුදෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය.