ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අල්කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එමපණක් නොව එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමත් ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයකි. දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එහි භාෂාවත් ආරක්ෂා වී පැවතියේ නම්, ඒ දහම හෝ දර්ශනය පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිය හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන […]

සියළු ලිපි හදීස්

මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ […]

සියළු ලිපි හදීස් කලාව

හදීස් කලාව – 04 ලයීෆ් හදීස්

හදීස් කලාව පිලිබදව කථා කරන ලිපි මාලාව තුල මීට ඉහත හදීස් කලාව පිලිබදව විමසුමක් යන ලිපිය තුලින් හදීස් කලාව යනු කුමක්ද? යන්නත් ඉන්පසු ‘හදීස් කලාව – 01 සහීහ් හදීස්’ යන ලිපිය තුලින් හදීස් කලාවේ ‘සහීහ්’ යන රීතිය ගොඩනැඟී ඇත්තේ කවර ආකාරයට ද යන්නත්, අනතුරුව හදීස් කලාව – 02මවුලු හදීස් හදීස්’ යන ලිපිය තුලින් හදීස් කලාවේ […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ […]

කිතුණු දහම සියළු ලිපි

බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව කිතුණුවන්ගේ ආගමික […]

බුදු දහම සමයාන්තර සියළු ලිපි

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

(දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

දහමක හෝ දර්ශනයක එහි මූලාශ‍්‍රයන් එනම් ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීමත් එය මුල් භාෂාවෙන් පැවතීමත් අත්‍යාවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයන් වේ. මන්ද පරිවර්තනයන් සිදු කිරීමේ දී පරිවර්තනය කරන පුද්ගලයාගේ මානසික තත්වය, ඔහු ජීවත්වන පරිසරය, ඔහුගේ භාෂා නිපුණතාවය, ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව, එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම… යනාදී කාරණයන් මත 100% ක් නිවැරදි පරිවර්තනයක් […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ “ඉස්ලම් ආගමේ මූලාශ්‍රයන් කුමක්ද?” යන්නයි. මේ කාරණය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් නමින් විවිධ කරැණු ඉදිරිපත් කරමින් හා මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ඒවා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පෙළඹි සිටී. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් 2010.05.20 දින “රන් FM” ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා “ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07ක් කලහැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04ක් බවට සංශෝධනය කරන ලදී” යයි පවසන ලදී. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එසේම බරපතල වූ ප්‍රකාශයකි. (ඒ පිලිබදව සවිස්ථරව ඉදිරියේ දී කථා කරමි) මෙවැනි ප්‍රකාශනයන් සිදුවීමට ආගමික ඉගෙන්වීමන් මෙන්ම එම ඉගෙන්වීමන් ලබාගත හැකි තැන් පිලිබදව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස මේ කෙරෙහි සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අප ඉහත කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරමූ.