කාන්තා කාලීන සංවාද සියළු ලිපි

නූතන විලාසිතා ලෝකය හමුවේ වල්මත් වූ අපේ උම්මාව

විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි.